තියෙන ප්‍රශ්න ඔක්කොම ජනාධිපතිට කිව්වා.අයවැයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා – FUTA

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අතර අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින බදු ගැටළුව මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මුහණ දී සිටින අර්බුදකාරී තත්ත්වයන් ගැන එහිදී සාකච්ජා කර තිබේ.

සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ අයවැය මඟින් යම් විසඳුමක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බවයි.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ වැටුප් වැඩිකරගැනීම නොව තිබෙන වැටුප රැක ගැනීම බවයි ඔහු කියා සිටියේ.

ප්‍රධානම අරමුණ රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගැනීම බව පැවසූ ඉලංගසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ පවතින සියලු ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කළ බවයි.

ජනාධිපතිවරයා සාවධානව ඇහුම්කන් දුන් අතර අයවැය මඟින් පිළිතුරක් දෙනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බවද ඔහු අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...