මහජන චීන සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි සහ පරිගණක ප්‍රදානයක්

Date:

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම පෙරේදා (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් පොලිස්පති සී ඩී. වික්‍රමරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ වීන තානාපති Qi Zhenhong මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කර තිබේ.

ඊට අදාළ ලිපි ලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් අතර චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන යන මහත්වරු ඇතුළු පොලිස් දෙපර්තමේත්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...