සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 46 වැනි සුහුරු පන්ති කාමරය මහරගම ජනාධිපති විද්‍යාලයට

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මහරගම ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10කට ආසන්න සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම පසුගියදා (10) සිදුකෙරිණි.

මේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 46 වැනි අදියරයි.

සුහුරු පන්ති කාමරයක් යනු මානව ප්‍රාග්ධනය දියුණු කරන්න ලබා දෙන ආයෝජනයක් බවත් රටේ 41 ලක්ෂයක් දූදරුවන් දැනුමෙන් සවිබල ගැන්වීම සන්නද්ධ කිරීම තුළ හොඳ නිපුණතාවක් කුසලතාවක් දක්ෂතාවක් හැකියාවක් තිබෙන මානව සම්පත් සංචිතයක් නිර්මාණය වන බවත් ඒ තුළින් ලොවට ඔබින සුහුරු හැකියාව ලබා දීම තුළින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳාපොළේ තමන්ගේ සුදුසුකම් අනුව රැකියාවකට යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.

සමහර දේශපාලනඥයන්ට සුහුරු රටක් යනු ප්‍රකාශනයකට සීමා වී ඇති බවත් සුහුරු රටක් බිහි වෙන්න සුහුරු අධ්‍යාපනයක්, සිසුවෙක්, තාරුණ්‍යයක් සහ සුහුරු පුරවැසියකු සිටිය යුතු බවත් එසේ බිහිවන පුරවැසියා දූපත් මානසිකත්වයෙන් තොර පුද්ගලයකු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ උත්තරිතර නීතියේ මානව අයිතිවාසිකම් යනුවෙන් ඇත්තේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වුවත් සමගි ජන බලවේග රජයක් යටතේ මානව අයිතියට අධ්‍යාපන අයිතිය, ජීවනෝපාය අයිතිය, ඉඩමක අයිතිය වැනි දේවල් පවා ඇතුළත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වනවිට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැයකර තිබේ. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 46ක් සදහා රුපියල් ලක්ෂ 424ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...