සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මෙරටට විදේශ විනිමය ගෙනෙන නව වැඩපිළිවෙලක් ලෙස, අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අමාත්‍යංශය සඳහන් කළේ , මේ යටතේ මාතලේ මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල ටොම් ඊ.ජේ.සී අඹ වගාව ප්‍රචලිත කෙරෙන බවයි.
තෝරාගත් පවුල් 55ක් වාණිජ අඹ වගාවට යොමු කෙරෙන අතර, ඔවුන් සඳහා අඹ පැල 5,440 ක් සහ උපකරණ කට්ටල නොමිලේ ලබාදීමටද පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??