උතුරු අයර්ලන්තයට ඩෙබි කුණාටුව පැමිණෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු අයර්ලන්ත දූපත් හරහා තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරමින්, ඩෙබි කුණාටුව ගොඩබිම හරහා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින ලෙස එරට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පිළිබඳ කහ අනතුරු ඇඟවීමක් සහ ඩවුන් සහ අර්මාග් ප්‍රාන්තවල කොටස් සඳහා ඇම්බර් සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අයර්ලන්ත ජනරජයේ, රතු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත 14 ක් සඳහා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කාලගුණ විද්‍යා සේවය වන Met Éireann පැවසුවේ ගංවතුර සහ අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් හා ගස් කඩා වැටීමේ අවධානමක්ද පවතින බවයි.

අයර්ලන්ත ජනරජයේ රතු අනතුරු ඇඟවීමේ ප්‍රදේශවල පාසල් ඇරඹීම එරට දේශීය වේලාවෙන් 10:00 දක්වා ප්‍රමාද කරන ලෙසද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...