උතුරු අයර්ලන්තයට ඩෙබි කුණාටුව පැමිණෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු අයර්ලන්ත දූපත් හරහා තද සුළං සහ අධික වර්ෂාපතනයක් ඇති කරමින්, ඩෙබි කුණාටුව ගොඩබිම හරහා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වලට වී සිටින ලෙස එරට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුරු අයර්ලන්තයේ සියලුම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පිළිබඳ කහ අනතුරු ඇඟවීමක් සහ ඩවුන් සහ අර්මාග් ප්‍රාන්තවල කොටස් සඳහා ඇම්බර් සුළං අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අයර්ලන්ත ජනරජයේ, රතු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත 14 ක් සඳහා නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කාලගුණ විද්‍යා සේවය වන Met Éireann පැවසුවේ ගංවතුර සහ අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් හා ගස් කඩා වැටීමේ අවධානමක්ද පවතින බවයි.

අයර්ලන්ත ජනරජයේ රතු අනතුරු ඇඟවීමේ ප්‍රදේශවල පාසල් ඇරඹීම එරට දේශීය වේලාවෙන් 10:00 දක්වා ප්‍රමාද කරන ලෙසද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...