Friday, December 1, 2023
spot_img

Latest Posts

ක්‍රිකට් වෙනුවෙන් ඇමති රොෂාන් කළ දේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉකුත්දා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොනුකර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් , නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

එබැවින් එම අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.