*
Friday, September 20, 2024
spot_img

Latest Posts

මේක පම්පෝරි අයවැයක් විතරයි.2023 යෝජනාත් තවම මඟ – විපක්ෂ නායක

කොළඹ LNW:කිසියම් රජයක් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත් එහි සඳහන් යෝජනා සහ කරුණු ඉටු කිරීම රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම බවත් එම යෝජනා සිදුවන්නේද නොවන්නේද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැය වෙනුවෙන් ඉටු කර ඇති යෝජනා අද වන විට ඉටු කර නොමැති බව දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

සඳහන් කළේ (අද 14) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

රජය නව වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා සාර්ථක වන්නේ පසුගිය වසරේ අයවැය යෝජනා හි සාර්ථකත්වය මත බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

රජය පසුගිය වසරේ අයවැය යෝජනාවේ 71 මඟින් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කර්යසාධන බලකායක් ස්ථාපිත කරන බවට යෝජනාවක් ඉදිරිපත් කළත් එම යෝජනාව ද මේ රජය ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පැවසුවේය.

වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයකට අනුව 2023 වසර සඳහා වූ අයවැයේ විශේෂිත යෝජනා 50ක් සඳහා වෙන් කළ ප්‍රතිපාදන තුළින් සියයට 97ක ප්‍රමාණයක් වැය කළේ කුමක් සඳහා ද යන්න සම්බන්ධ නිශ්චිත තොරතුරු නොමැති බවත් එසේ ම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කල යෝජනා 25න් 17ක තොරතුරු නොමැති හෝ සොයා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැයේ විශ්වාසනියත්වය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා

2017 වසරේ සියයට 12ක්ව තිබූ අයවැය සම්බන්ධ තොරතුරු නොමැති තත්ත්වය 2023 වසර වන විට සියයට 97ක් දක්වා වැඩිවිමට හේතු සහ වගකිවයුත්තක් සම්බන්ධයෙන් විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ අයවැයක විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින හෙයින් වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

එසේ නොමැති වුවහොත් ඊළඟ වසරේ අයවැය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බව ඔහු ප්‍රකාශ කරන ;ලදී.

2023 යෝජනා 77කින් 69ක තොරතුරු නැහැ

විපක්ෂ නායක කාර්යාලයේ පර්යේෂණ අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් සමඟ එකතු වී 2023 අයවැය යෝජනා 77ක් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක දී ඒ අතුරින් යෝජනා 69ක තොරතුරු අසම්පූර්ණ බවත් ඒ අතර යෝජනා 12 (17%)ක තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් ව්‍යාපෘති 16ක් ආරම්භ කර නොමැති බවත් ව්‍යාපෘති 29 (42%)ක ප්‍රගතිය සියයට 50ට අඩු බවත් ව්‍යාපෘති 12ක ප්‍රගතිය සියයට 50ට වැඩි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 අයවැය ගැන විශ්වාස නැහැ

තව ද 2023 යෝජනා අනුව රු. මි. 200ක පළාත් සභා පාසල් 139ක් සහ ජාතික පාසල් 23ක සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන්න යෝජනා වුවත් එය ක්‍රියාත්මක නොවී ඇති බවත් කුසලතාව මත කේන්ද්‍ර කර ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සිදු වී නැති බවත්, විශ්වවිද්‍යාල උපාධිවල තත්වය සොයා බලන මණ්ඩලය සකස් කර නැති බවත්, විදේශීය ශිෂ්‍යත්ව වැඩසටහන තාම සාකච්ඡා මට්ටමේ, ග්ලෝබල් ක්ලයිමේට් චේන්ජ් විශ්වවිද්‍යාලය, ලංකා ඉතිහාසය හොයන ආයතනයවත් පටන් ගෙන නොමැති බවත් මේ නිසා 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඔහු කියාසිටියේය.

ඉතිහාසයේ වැරදි ක්‍රියාත්මක කිරිමට නොව වැරදි හදාගෙන ඉදිරියට යාම සිදුවිය යුතු හෙයින් මෙවර ඇති ඇතැම් යෝජනා 2023 වසරේ පවා ඉදිරිපත් කර මුදල් වෙන් කර ඇති මුත් ක්‍රියාවට නංවා නැති බවත් එම යෝජනා සදහා මෙවරද මුදල් වෙන් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan