අපි අලුතෙන් නැගී හිටිනවා – මහින්ද රාජපක්ෂ

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින විශේෂ සාකච්ඡාවක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

දෙසැම්බර් 15 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය සම්බන්ධව සහ අයවැය සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී තිබෙන බව සඳහන්.

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පක්ෂයක් ලෙස අලුතෙන් නැගී සිටීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ජාවේදී අයවැය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුනොකළ අතර දෙසැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය පිළිබඳ මන්ත්‍රීවරුන්ව දැනුවත් කළ බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු ජනධිපතිවරයා,

අයවැය ගැන කතා කළාද?

නැහැ මෙතැනදී කතා කළේ නැහැ.

දැන් මොකද වෙන්නේ පක්ෂය අලුතෙන් බිහිවෙනවද?

අලුතෙන් බිහිවෙන්න දෙයක් නැහැ අලුතෙන් නැගී හිටිනවා.

මන්ත්‍රීතුමන්ලාට මොනවද දුන්න උපදෙස්?

නෑ ඉතින් අහගෙන හිටියා. උපදෙස් දෙන්න දෙයක් නැහැ මන්ත්‍රීවරු දන්නවනේ.

අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගත්තද? සහය දෙනවද?

නෑ ඉතින් අපි බලනවා අයවැයේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. හොද ඒවාට සහය දෙනවා.

කොළඹ ජනතාවට විතරයි සහන තියෙන්නේ කියනවා ඔබතුමාට එහෙම දෙයක් පේනවාද?

මට නම් තාම පෙනුනේ නැහැ. බලන්න ඕනේ.

සමස්තයක් විදිහට අයවැය හොඳයිද?

වරදක් නෑනේද.

බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අයවැයක් ද ?

පුළුවන්. හරියට කරනවා නම් පුළුවන්.

සල්ලි?

සල්ලි ඉතින් හොයා ගන්න ඕනේ.

යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙන ලදී

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...