Update: රුසියානු ප්‍රහාරයෙන් යුරෝපය තැති ගනියි – නේටෝව සීරුවෙන්!

Date:

”දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ එළැඹුණු අඳුරුතම හෝරාව මෙයයි” යැයි යුරෝපා කොමිසමේ උප සභාපතිවරයෙකු සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධානියෙකු වන ජෝසප් බොරෙල් පැවසීය.මේ අනුව වසර 80කට පසු යුරෝපයේ ආරක්ෂාවට ඇති වූ විශාලතම තර්ජනය බවට රුසියානු-යුක්රේන යුද්ධය පත් වේ.

රුසියාවට දරුණු සම්බාධක

යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලෙයන් පවසන්නේ “the harshest packet of sanctions that has ever been implemented” හෙවත් ”එදා මෙදාතුර ක්‍රියාවට නංවා තිබෙන දැඩිම සම්බාධක කට්ටලය” රුසියාවට එරෙහිව පනවන බවයි.

අද දිනයේ මෙම ”දැවැන්ත සහ ක්‍රමෝපායික” සම්බාධක කට්ටලය යුරෝපා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

නේටෝ සංවිධානය සීරුවෙන්

මේ වන විට නේටෝවේ සාමාජික රටවල් අතරින් පෝලන්තය, එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල්, 4 වන වගන්තියේ සරණ පැතීමට තීරණය කර තිබේ.

නේටෝ සම්මුතියේ 4 වන වගන්තිය ප්‍රකාරව නේටෝ සාමාජික රටවල් 30 ට මෙවැනි තත්වයකදී සාමූහික ක්‍රියාමාර්ගයකට එළඹීමට පුළුවන.

According to the NATO website, consultation under Article 4 can lead to collective action among the 30 member states.

මේ අතර, නේටෝ සංවිධානය 5 වන වගන්තිය බලාත්මක වන බව ප්‍රකාශයට පත් කළහොත්, එය පුටින්ගේ අවසානය ද වීමට ඉඩ තිබේ.

එයට හේතුව, 5 වන වගන්තිය බලාත්මක කිරීමෙන් සිදුවන්නේ, සාමාජික රාජ්‍යයකට විරුද්ධව එල්ල වන ප්‍රහාරයක්, සමස්ත නේටෝ සන්ධානයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.

යුක්රේනය නේටෝ හි පූර්ණ සාමාජිකයෙකු නොවුණද, 2020 වසරේ දී යුක්රේනය නේටෝ සාමාජිකත්වයට යම් ආකාරයක බලපෑම් කළ හැකි ” interoperability” හෙවත් ”අන්තර්ක්‍රියාකාරී’ සාමාජිකයෙකු වීමට අවස්ථාව ලැබුවේය.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...