ප්‍රමිතියකට නැති සමාගම් අසාදු ලේඛන ගත කරනවා – රමේෂ් පතිරණ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බව, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.තවද මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත්, එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බවයි.

මින් පසු ඖෂධවල මිල තීරණය කිරීම සදහා එක් මිල තීරණය කිරීමේ කමිටුවක් (pricing committee) හරහා කටයුතු සිදු කල යුතු බවත්, අමාත්‍යවරයා ව‍ශයෙන් තමන් ගෙන් වරදක් සිදු වනවා නම් එය ද, පෙන්වා දෙන ලෙසට ඉල්ලීමක් ද කළ අමාත්‍යවරයා කියා සිටියේ , මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධයක් රජය විසින් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට තමන්ට අවශ්‍ය බවයි .

වාර්ෂිකව ඩොලර් මිලියන 500කට අධික මුදලක් මේ සදහා වැය කරන බවත් ඊට හොදම විසදුම මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදනය කිරීම බවද පෙන්වා දෙනු ලැබීය.

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ අවශ්‍ය නිවැරදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙසත්‍, අක්ෂි කාච, ස්ටෙන්ස්, සිලින්ජර වැනි උපකරණ කෙරෙහි ද, වැඩි අවධානයක් යොමු කරන ලෙසටද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අනෝන්‍ය අවබෝධයෙන් සිදු කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අනුව, අදාල පාර්ශවයන් සමග සාකච්ජා කර ක්‍රමවේදය කඩිනම් කිරීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසට ද උපදෙස් ලබා දුන් බවයි සඳහන් වන්නේ.

ඖෂධ නියාමනය, සැපයීම, බෙදහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී අමාත්‍යවරයා ඉහත කරුණු අවධාරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...