වසරේ මලල ක්‍රීඩකයා වීමේ සටනට නිරාජ් චොප්රා

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):2023 වසරට අදාළව ලොව විශිෂ්ඨතම මලල ක්‍රීඩකයා තේරිමේ අවසාන සටනට ඉන්දීය හෙල්ල වීසි කිරිමේ සූර නිරාජ් චොප්රා ද තේරී පත්ව ඇත.ඔහු සමඟ මේ සටනේ සිටින සෙසු ක්‍රිඩකයින් වන්නේ ඇමෙරිකාවේ රයක් කෘෂර් (යගුලිය),ස්වීඩනයේ මොන්ඩෝ ඩුප්ප්ලෙන්ටිස් (රිටි පැනීම),කෙන්යාවේ කෙවින් කිප්ටම් (මැරතන්) සහ ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් (මීටර් 200) යන ක්‍රිඩකයින්ය.

ඉන්දියාව නොව සමස්ත දකුණු ආසියාවෙන්ම ක්‍රීඩකයෙක් හෝ ක්‍රිඩිකාවක් මේ සම්මානය සඳහා නිර්දේශ වන පළමු අවස්ථාව ලෙස නිරාජ් චොප්රා ගේ මෙම නිර්දේශය හැදින්විය හැකිය.විශාල වෙහෙසක් දරා දුර දක්නා වැඩ සටහනකින් නිරාජ් චොප්රා බිහි කරන්නට ඉනිද්යාව ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ලෝක දේශපාලනය තුළ ප්‍රබල රටවල්වලට ක්‍රීඩාව සමඟ සමව සිට ගනිමින් සහ ඉක්මවා යමින් එම භූමියේ මානව ශක්තිය ප්‍රදර්ශනය කරන්නට නිරාජ් චොප්රා සමත්ව සිටීම ඉන්දියාවට ක්‍රීඩාමය ආශ්වාදය ඉක්මවා ගිය භූ දේශපාලනික වශයෙන් ලෝකය ඉදිරයේ අභිමානවත් හිස එසැවීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...