හදිසි අනතුරකින් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකාවක් ජිවිතක්ෂයට! 

Date:

මුදල් අමාත්‍යාංශයේ මහජන මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ එම්. චම්පා බාලසූරිය හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත.

ඇය ප්‍රේමසිරි බාලසූරිය ගේ ආදරණීය බිරිඳ වන අතර රාජිනි බාලසූරිය (25) සහ නිලසි බාලසූරිය (21) ගේ මව වේ.

1968 නොවැම්බර් 17 වැනි දින උපත ලද චම්පා බාලසූරිය, පානදුර බාලිකා මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි. 

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඇය, කළමනාකරණ අධ්‍යයනය සහ වාණිජ්‍යය පිළිබඳ උපාධිධාරියෙකි. 

 ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද ලබා ඇති අතර වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරියක් ද විය. 

ඇය ගණකාධිකාරීවරියක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයට ද ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

චම්පා බාලසූරිය ගේ දේහය මේ වන විට වාද්දුව, මාවල දකුණ, අංක 277 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු නොවැම්බර් 18 වැනිදා සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.  

theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...