පළාත් සභා පැරණි ක්‍රමයටම – පාර්ලිමේන්තු විශේෂ කාර සභාව තීරණය කරයි

Date:

මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැතිවරණවලට අදාල තීන්දු කිහිපයක් ගෙන තිබෙනවා. අදාල තීන්දු ඇතුළත් වාර්තාවක් කෙටුම්පත් කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ.

ඒ අනුව පළාත් සභා සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන තෙක් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු බව නිර්දේශ කර ඇති අතර එකී නිර්දේශය අදාල වාර්තාවට ඇතුළත් වනු ඇත.

මීට අමතරව පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීමට නිර්දේශ කර තිබෙනවා. නව මැතිවරණ නීති සම්පාදනයේදී කේවළ ක්‍රමයට 60% ක් සහ අනුපාත ක්‍රමයට 40% ක් තෝරා ගැනෙන පරිදි දිස්ත්‍රික්ක තුළ සීමා නිර්ණය කිරීමට නිර්දේශ සකස් කරනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ප්‍රමාණය කිසිසේත්ම 225 නොඉක්මවිය යුතු බව කාරක සභාවේ අදහස වන අතර ඊට සියලු සාමාජිකයන් එකඟ වී තිබෙනවා.

දැනට ක්‍රියාත්මක පළාත් පාලන මැතිවරණ නීති සඳහාද සංශෝධන සිදු කිරීමට නියමිතය. ඒ අනුව පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ජයග්‍රාහී පක්ෂයට තවත් අතිරේක මන්ත්‍රී ධුර 02 ක් හිමිවන පරිදි සංශෝධන සිදුකළ යුතු බවට කාරක සභාව නිර්දේශ කරයි.

පළාත් පාලන මැතිවරණ සඳහා පමණක් දැනට ක්‍රියාත්මක කාන්තා නියෝජනය 25% ක් අනිවාර් කිරීම සෙසු මැතිවරණවලදීද ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබෙනවා. තරුණ නියෝජනය අනිවාර් කිරීමද නව නිර්දේශවලට ඇතුළත් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...