අප අධිකරණයට කවදත් ගරු කරන මිනිස්සු – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කවදත් අප අධිකරණයට ගරු කරන බවයි.

මෙහිදී මූලික අයිතිවාසිකම් වලදී සලකා බලනු ලබන්නේ ලිඛිත පෙත්සම් හා ලිඛිත සාක්ෂි පමණක් බවත් සාක්ෂි කැදවීමක් නොකරන බවත් ,මෙහිදී දීර්ඝ වශයෙන් හා ගැඹුරින් මේ ආර්ථික අර්බුදය පිලිබදව සාකච්ඡා කරනවානම් සුදුසුම තැන වන්නේ පාර්ලිමේන්තුව බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

මූල්‍ය බලතල,නීති සම්පාදනය, නීති පැනවීම, නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව වන අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය ගැන ගැඹුරින් සොයා බැලිය හැකි බවත් , පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සෑම ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි සාක්ෂි කැදවීමක් සිදු කිරීමට හැකිබවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, දැනටමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙම ආර්ථික අර්බුදය පිලිබදව සොයා බැලීමට පත්කර ඇති බවත්, එමගින් වඩාත් පුළුල් පරාසයක සිට සාක්ෂි කැදවීමට හා හරස් ප්‍රශ්න ඇසීමට හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...