චොකා මල්ලිගේ අභියාචනයේ තීන්දුව මාර්තු 31 වැනිදා

Date:

රත්නපුර මහාධිකරණය මගින් තමන්ට නියම කළ මරණ දඬුවම අත්හිටුවා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අභියාචනාධිකරණය අද මේ බව දැනුම් දී තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පැවති, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහර දී පුද්ගයෙකු ඝාතනය කර තවත් අට දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වැරදිකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.

තමන්ට ලැබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...