වෙලක ඉන්න තිත්ත පැටවුන්ට බිත්තර ගහනවාට වඩා මට වැඩ තියෙනවා – සේනාධිපතිගෙන් පිළිතුරු (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ තම සමාගමෙහි සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වන නමුත් එය තමන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ දෙයක් නොවන බව ඇවන්ගාඩ් සමාගමෙහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

නිශ්ශංක සේනාධිපති මහතා මේ බව පැවසුවේ පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවෙහි පැවති “ඉර” දේශපාලන සංවාදයට එක්වෙමිනි. මෙම බිත්තර ප්‍රහාරය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා එම නාලිකාව ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කර තිබුණු නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුණේ තම පක්ෂය ව්‍යාපාරිකයින් සමග දේශපාලන සංවාදවලට නොඑන බව පවසමිනි.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා එහිදී තම පාර්ශ්වයෙන් කරුණු දැක්වීම සිදුකළේය.

“මම බිත්තර ගහන්නෙ නෑ, පොඩ්ඩක් ඉන්න. ඇවන්ගාඩ් එකේ වැඩ මම කියන්නම්. ලෝකෙ ආයතන තියෙනවා තුනක්, එකක් තමයි ඇමරිකාවෙ තියෙනවා බ්ලැක් වෝටර්ස් ට්‍රිප්ල් කැනපි කියලා ප්‍රයිවට් කන්ට්‍රැක්ටර්ස් බයි ද ගවන්මන්ට්. ඊළඟට තියෙනවා එංගලන්තයේ කිනිමිනි කියලා. මේ මුළු ආසියාවෙම තියෙන එකම ආයතනය තමයි ඇවන්ගාඩ් ආයතනය රාජ්‍ය අනුග්‍රහයත් සමග ත්‍රස්ත විරෝධී සහ මුහුදු මංකොල්ල විරෝධී කටයුතු කරන. මේ ඉන්නෙ අපේ ටීම් එක ඇෆ්ඝනිස්ථානයේ. මේකෙ අපි තමයි ඇමරිකානු නේවි සීල්ස් එක්ක ඔපරේට් කරන්නෙ. ඒ නේවි සීල්ස් එක්ක කරලා ෆස්ට්ලයින් ඩිෆෙන්ස් එකට වැදිලා අපි බේරගත්තාම මෙන්න අපට අතට අත දෙනවා. මෙන්න අපේ වැඩ”

ප්‍රශ්නය – ඔය කියන්නෙ මම කරනවා නම් බිත්තර ගහලා නිකම් ඉන්නෙ නෑ කියලා නෙ ?

“නෑ ඒක නෙවෙයි මම කියන්නෙ. වෙලක ඉන්න තිත්ත පැටවුන්ට මම බිත්තර ගහන්න යන්නෙ නෑ. වෙලක ඉන්න තිත්ත පැටවුන්ට බිත්තර ගහනවාට වැඩිය මට වැඩ තියෙනවා”

එමෙන්ම තම ආයතනයේ සේවකයින් දෙදෙනෙකු රාජකාරි වේලාවෙන් බැහැරව පුද්ගලිකව කළ දෙයක් සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බව පැවසූ ඒ මහතා තම සමාගමේ සේවකයින් දෙදෙනෙකු එල්ල කළ බිත්තර ප්‍රහාරයක වගකීම තමන් භාරගත යුතු නම් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ලැයිස්තුවෙහි සිටි ඊබ්‍රාහීම් හාජියාර් සම්බන්ධ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගන්නවාදැයි ප්‍රශ්න කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...

ජනාධිපති ට්‍රම්ප් ග්‍රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ඇමෙරිකානු ජනාධිපති...