මලල ක්‍රීඩාවට ලැබෙන ක්‍රිකට් සෙනෙහස තහවුරු කෙරෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය ලද සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්නගේ පුහුණුකරුට සහ රිදී පදක්කම දිනූ නදීශා දිග්හානි ලේකම්ගේ පුහුණුකරු වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව අද පස්වරු 3.00 ට යෙදි ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකනයේ දී පැවත්වෙන මෙම චාම් උත්සව අවස්ථාවේදී මලල ක්‍රීඩාක ක්‍රීඩිතාවන් සහ පුහුණුකරුවන් දෙඵළ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිනමන මුළු මුදල රුපියල් ලක්ෂ 280 ක් ලෙස සදහන්ය.

ආසියානු ක්‍රීඩා උළෙල නිමාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරුෂි කරුණාරත්නට පමණක් රුපියල් ලක්ෂ සියයක් ගෙවීමට තීරණය කළ අවස්ථාවේ එල්එන්ඩබ්ලිව් වෙබ් අඩවිය මැදිහත්ව සෙසු ජයග්‍රහණ සම්බනධයෙන් ඇති වටිනාකම ද පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ ක්‍රීඩා කතුවරයා කැඳවා පෞද්ගලිකවම සාකච්ඡා කළ සභාපති ශම්මි සිල්වා එම ක්‍රීඩක කණ්ඩායම සම්බන්ධිකරණය කර දෙන ලෙස කරන ලද ඉල්ලීම අනුව අද දිනයේ ඔවුන් කැඳවා මෙම මුදල් පරිත්‍යාගය සිඳු කිරීමට නියමිතය.

මීටර් 800 රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්නට මුදලින් රුපියල් ලක්ෂ සියයක් හිමිවන අතර,හෙල්ල වීසිකිරීමේ සූරී නදශෘ දිල්හානි ලේකම්ගේ වෙත පිරිනැමීමට නියමික මුදල රුපියල් ලක්ෂ 50 කි.තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ද,නදීශාගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්තට රුපියල් ලක්ෂ දහයක මුදලක් ද පරිත්‍යාග කරන අතර ලෝනඩ පදක්කම්ලාභී සහය දිවීමේ කණ්ඩායම්වල මුලික වටයේ සිට ධාවනයේ යෙදුණ සියල්ල සැළකිල්ලට ගෙන දස දෙනෙකුට රුපියල් මිලියනය බැඟින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු සූදානම් කර ඇත.

මල්පැල ගැන්වෙන LNW යෝජනාවක් බව ආඩම්බරයෙන් කිවයුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...