කාරකසභාවල සිටින පුද්ගලයින්ට සරළ හස්ත සංඥාවල අර්ථය උගන්වන්න – විපක්ෂ නායක කතානායකට කියයි

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ කාරක සභාවක සභාපතිධූරය සඳහා කතානායකවරයාගේ බලය පිරිනමා තිබීම හේතුවෙන් කාරක සභාවල සභාපතිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයාට වගකීමක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කාරකසභාවල සභාපතිවරුන්ට කතානායකවරයාගේ බලතල පවරා ඇති බැවින් ඔවුන්ගේ කටයුතු නියාමනය කිරීමේ වගකීමද කතානායකවරයා සතුව තිබෙන බවත් නමුත් අවාසනාවකට කතානායකවරයා එවැනි නියාමනයකට කාරකසභාවල සභාපතිවරු ලක්කිරීමක් සිදුනොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කාරකසභාවල සිටින පුද්ගලයින් සාමාන්‍ය භාවිතයේ ඇති සරළ හස්ත සංඥාවල අර්ථය ඉගැන්වීම කතානායකවරයාගේ වගකීමක් බවයි ඔහු පැවසුවේ.

මේ අතර කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල ප්‍රකාශයක් ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සිදුකළ බවද ප්‍රේමදාස මහතා පෙන්වාදුන්නේය.

අද පස්වරුවේ හදිසි කෝප් කමිටු රැස්වීමක් සාමාජිකයින් පමණක් කැඳවලා තිබෙන බවත් ඉස්ලාම් බැතිමතුන්ට ආගමික ක්‍රියාවලියේ නිරතවීමට තිබෙන අවස්ථාවක එස් එම් මරික්කාර් , රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීමට සහභාගි වීමට නොහැකිවන ආකාරයට ඉස්ලාම් ආගමික කටයුතු සිදුවන කාලයේදී මෙම රැස්වීම කැඳවා ඇති බවත් එය සම්පුර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

කෝප් කමිටුවේ සභාපතිවරයාගේ පුතා කෝප් කමිටු රැස්වීම්වල පැමිණීමේ පදනම පිළිබඳ වහාම පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසත් පිටස්තර පුද්ගලයෙකුට සහභාගිවීමටත් කමිටු ඇතුළේ ඡන්ද පවත්වා විපක්ෂ නායකවරයාගේ කට වහන්න තීන්දු ගන්නේ කෙසේදැයි විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවෙන් තවදුරටත් ප්‍රශ්න කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...