මොකද්ද මේ නාමල්ගේ ලනුව?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පහුගිය අඟහරුවාදා (14) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව වෙත ගොස් තිබුණු නමුත් සභා ගැබ තුළට නොගොස් විපක්ෂ ලොබියට මෙන්ම ආණ්ඩු පක්ෂ ලොබියට ද ගොස් මන්ත්‍රීවරු සමඟ සුහද සාකච්ඡාවල නිරත වී තිබුණා.

මෙහිදී විශේෂත්වය වූයේ, විපක්ෂ මන්ත්‍රීවරු ගනනාවක්ම මෙහිදී අය වැය ගැනත් වත්මන් දේශපාලන ආර්ථික තත්වය ගැනත් සුබවාදීව ජනපති සමග කතාබහ කිරීමයි .

ජනපති රනිල් ආණ්ඩු පක්ෂ ලොබියේ දී එහි සිටි මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර තුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි කණ්ඩායම සමඟත් කතා බස් කරන්න ජනපතිට හැකිවූ අතර, එහිදි ජනපති සමඟ සිටි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතාට කීවේ ඔබතුමා අයවැයට සහාය දෙනවා කියලා කිව්වාට නාමල් මන්ත්‍රීතුමා බනිනවානේ කියාය. ඒ ක්ෂණයෙන්ම “එයා කාගේ හරි ලණුවක් කාලා”යැයි මහින්ද කීවේය.

කොහොම නමුත් මෙවර අයවැයත් ගැටළුවකින් තොරව සම්මත විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා බහෙන් තහවුරුව ඇති බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...