ගුඩාෆ්ගෙන් ඓතිහාසික ධාවනයක් – මුල් ස්ථාන පහම ඉතියෝපියාවට

පෝලන්තයේ පැවති ඕර්ලන් කොපර්නිකස් කුසලාන ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව ජයගත් ඉතියෝපියාවේ ගුඩාෆ් ටෙසෙගේ මේ වසරේ ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුණා.ඒ විනාඩි 3:54.77 න් එම ඉසව්ව ජය ගනිමින්.එම කාලය ලෝකයේ එම ඉසව්ව වෙනුවෙන් ලෝක වාර්තාවට පසු වාර්තා වුණු හොඳම කාලය හැටියට සැළකෙන අතර ලෝක වාර්තාව වන විනාඩි 3:53.09 හිමි වන්නේද ගුඩාෆ්ටමයි.

ගුඩාෆ්ට අවුරුදු 17 දී 2014 වසරේ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණ මාවතට පිවිසෙන ඇය, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

එළිමහන් ධාවන පථයට වඩා මෙතෙක් ගෘහස්ථ ධාවන පථයේ කැපී පෙනෙන ගුඩාෆ් එළිමහන් මීටර් 1500 කාන්තා ඉසව්වේ ලොව හොඳම කාලය වාර්තා කර ඇති ලේඛණයේ 12 වන තැන පසුවෙනවා.නමුත් එහි ලෝක වාර්තාව උසුලන ජෙන්ෂිබී ඩිබාබා ගෘහස්ථ ධාවන පථයේ දැරූ විනාඩි 3:55.17 ගුඩාෆ් ඉකුත් වසරේ බිඳ දැමු අයුරෙන් ඉදිරියේ ද එළිමහන් ලෝක වාර්තාවට ද සමීප වෙන්නට ගුඩාෆ්ට හැකි වෙතැයි ක්‍රීඩා විචාරකයින් විශ්වාසය පළ කරනවා.

ගුඩාෆ් පෝලන්තයේ දී දැක් වූ දස්කම ඇයට පමණක් නොව ඉතියෝපියාවට ද ඉතා වැදගත් වන්නේ ගුඩාෆ්ගේ දක්ෂතාවය නිසාම පමණක් නොවේ.එහි මුල් ස්ථාන දිනු පස් දෙනාම ඉතියෝපියානුවන් වීම නිසයි.හයිලු ලෙම්ලෙම්,හයිලු ෆ්‍රෙවෙයිනි,ඇලෙමු හැබිටාම්,මිශෙශා හිරුට් එහිදී පිලිවෙළින් දෙවන තැන සිට පස්වන තැන දක්වා ස්ථාන දිනා ගනු ලැබුවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...