ගාසාහි නොමේරූ දරුවන් 28 දෙනෙකුට ඊජිප්තුවේ උණුසුම

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වන විට දරුවන් 5,500ක් කාන්තාවන් 3,500ක් ඇතුළුව 13,215ක් මියගොස් තිබේ.

45 වන දිනටත් අඛණ්ඩවම පලස්තීනයට ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වීමත්, ඉන්ධන, අහාර, සන්නිවේදනය බිඳ වැටීමත් හේතුවෙන් පලස්තීනයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහළ තවදුරටත් වෛද්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි නොමේරූ පලස්තීන දරුවන් 28 දෙනෙකු රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ඊජිප්තුවේ රෝහල් වෙත යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

පලස්තීන රතු ක්‍රෙසන්ට් සමාජය අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබු අතර ඊජිප්තුවේ Qahera ප්‍රවෘත්ති නාලිකාව ඊජිප්තු දේශ සීමාවේ ගිලන්රථ හතරක් දරුවන් භාර ගැනීම වෙනුවෙන් පැමිණ ඇති බවට විකාශය කර තිබේ.

කෙසේ නමුත්, ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායල් ඉලක්ක වෙත හමාස් ප්‍රහාර දියත් වීමත් සමඟ ඊට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය හමස් ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීමත් සමඟ මේ වන විට දරුවන් 5,500ක් කාන්තාවන් 3,500ක් ඇතුළුව 13,215ක් මියගොස් 6,000ක් අතුරුදන්ව 30,000ක් තුවාල ලබා ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක...

තවත් සමුහ මිනීවළක් ඇති බවට තොරතුරු හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW: තවත් සමුහ මිනීවළක් ඇති...

යුක්රේනයට හමුදා සහය ලබා දීම සඳහා මිත්‍ර පාක්ෂිකයන් 26 දෙනෙකු සුදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය වෙනුවෙන්...