රට ගොඩගැනීමට අපි දින වකවානු සහිත උපායමාර්ගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා – දිලිත් (VIDEO)

Date:

තමන් දේශපාලනයට පැමිණියේ පැරණි ආකාරයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ මත පදනම් වෙමින් නොවන බවත් රට ගොඩගැනීම සඳහා දින වකවානු සහිත උපායමාර්ගික වැඩපිළිවෙලක් තමන් ඉදිරිපත් කර ඇති බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ සක්‍රීය දේශපාලනයට එන්න. නමුත් මේ රටේ ඇතිවී ඇති මේ යථාර්ථය තුළ මේ රටේ පවතින දරුණු දේශපාලන රික්තය තුළ. සක්‍රීය දේශපාලනයට එන්න අපිට බලපෑම් කළා. මගේ ආදරණීය මිත්‍රයෝ මට කියනවා. මේ නරාවළට බහින්න ඕනේද ? වෙන විදියක් ඇත්තේම නැද්ද අහනවා. ඇත්ත කිව්වොත් විකල්ප ඔක්කොම අත්හදා බලලා තියෙනවා. අපි ආවේ වැඩපිළිවෙළක් එක්ක. පරණ ප්‍රතිපත්ති ප්‍රකාශ මත පදනම් වෙන්නේ නැහැ. අපි උපායමාර්ගික වැඩපිළිවෙළක්, දින වකවානු සහිත වැඩපිළිවෙලක්, ඔබගේ අද මේ දුක් විඳින තත්වයෙන් ගොඩ ආ හැකි වැඩපිළිවෙළක් ආර්ථික, සාමාජීය හා දේශපාලනික වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රට ඉදිරියට ගෙනයන්නට අපි සමඟ එක්වන්නැයි ඉල්ලීමක් කරනවා. අපිට අවශ්‍ය සුබසාධන රාජ්‍යයක් නෙවෙයි. ණය මත යැපෙන රටක් නෙවෙයි අවශ්‍ය. තමන් ගැන විශ්වාසය ඇති අය දැන් එකතුවෙමින් ඉන්නේ. මේ රටේ ඉන්න හිතාගෙන ඉන්න තාරුණ්‍යට, රට ගිහින් බැරිම තැන මෙහේ එන්න හිතාගෙන ඉන්න තාරුණ්‍යයට, අපි විසඳුමක් දෙනවා. සතුටු දැයක් අපි දෙනවා. පරම ධනය සතුට නම් අපි සතුට දැනෙන රටක් නිර්මාණය කරනවා. අපේ සංකල්පය ව්‍යවසායකත්ව රාජ්‍යයක්, ණය ගන්න රාජ්‍යයක් නෙවෙයි. අපි ඔබේ විභවයන් එළියට ගන්නවා. ධනාත්මකව හිතන්න හැකියාව දෙන රාජ්‍යයක් සඳහා අපි ඔබව අභිප්‍රේරණය කරනවා”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ගම්පහ සුමේධ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම සමුළුවට විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...