වැඩිම වී අස්වැන්න ගිය කන්නයේ ලැබුණා – කෘෂිකර්ම අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (21) පාර්ලිමේන්තුවේ දී රෝහණ බණ්ඩාර මහතා සහ දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ, මුදල් ලැබෙන ආකාරයට වී මිලදී ගැනීමට සිදු වන බවත්, ප්‍රමාණවත් අස්වැන්නක් තිබෙන බැවින් සහල් ගෙන ඒමට අවශ්‍ය නොමැති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“අදියර වශයෙන් පොහොර ලබාදීමේ වැඩසටහන් දියත් කළා. පසුගිය කන්නයේ නියමිත වෙලාවට, නියමිත දිනයට පෙර පොහොර ලබාදුන්නා. පොහොර හිඟයක් ගිය කන්නයේ සිදු වුනේ නෑ. වැඩිම වී අස්වැන්න ගිය කන්නයේ ලැබුණා. ඩීසල් ලබාදීම සිදුවන්නේ චීන රජයේ ඉන්ධන සහනාධාරයක් ලෙසයි. ගොයම් කපන වෙලාවේ දුන්නේ.නැවත ඉන්ධන බෙදාගෙන යනවා. මූල්‍ය අර්බුදයක් මැද්දේ මේ බෙදා හැරීම් කරගෙන යන්නේ. වී මිලදී ගැනීමට මුදල් ලැබෙන විදියට ක්‍රියාත්මක වන්නේ. මුදල් ලැබෙන ආකාරයට එය කරන්න සිදු වන්නේ ” ලෙසයි.

සහල් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවත් විශාල අස්වැන්නක් තිබෙන බවත්, නමුත් කීරි සම්බාවල හිඟයක් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

සහල් වී තියාගෙන ඉන්නේ මෝල් හිමියන් , ඒ නිසා හිඟයක් ඇති වී තිබෙන්නේ.කීරි සම්බා සහල් නෑ. රාජ්‍ය අංශයේ වෙළඳසැල් මගින් අලෙවි කරන්න සහල් ගෙන්න ඉල්ලීමක් අරන් තිබෙන්නේ” යනුවෙන්ද අමාත්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...