නව වසරට රාජ්‍ය සේවකයන්ට 4000 ක අත්තිකාරමක්

Date:

2022 වර්ෂයට අදාලව රාජ්‍ය සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයන් මගින් මෙම තීරණය රාජ්‍ය ආයතන ප්‍රධානීන්‌ වෙත දැනුම් දී තිබේ.

රුපියල් 4000 කට වැඩි නොවන විශේෂ අත්තිකාරම් මුදලක් සියලු රාජ්‍ය සේවකයන්ට ලබාගත හැකි අතර නව වසරේ ජනවාරි පළමුවැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා එම අත්තිකාරම් මුදල ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමි වේ.

පෙබරවාරි මස 28 වැනිදායින් පසුව කිසිදු හේතුවක් මත මෙම අත්තිකාරම් මුදල නොගෙවිය යුතු බව චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ එකඟතාවය මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි අමාත්‍යංශය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...