*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

තණතිල්ලෙන් පිට වැටෙන පන්දුවල පාර්ලිමේන්තුවේ කළු පාට පෙනීම

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):පාර්ලිමේන්තුව මේ දිනවල ක්‍රිකට් තණතිල්ලක් බඳුය.ඒ සමඟ පාර්ලිමේන්තුවට වැදගත් ක්‍රිකට් ක්‍රීඩාව පමණක් බවත්,පාර්ලිමේන්තුව යනු වෙනත් ක්‍රිඩාවන් හි සිඳු වූ කිසිවක් නොදැනෙන සංවේදිතාවයකින් යුත් තැනක් බවත් සමාජය කියවා ගනිමින් ඇත.


මේ සියල්ලම පාර්ලිමේන්තුවට ඇති බලය සහ ඊට ඇති වරප්‍රසාද ආරක්ෂා කරමින් කටයුතු කරන්නට කැමත්තෙන් සිටින බවත්,ජනතාවගේ පරමාධිපත්‍යය බලය එය ලෙස ජනතාව භාරගත යුතු බවත් ඔප්පු කරමින් සිටින තැනක් බවට ක්‍රිකට් පත් වි ඇත.ක්‍රීඩා පණතෙන් කරන ලද ක්‍රිඩා සංගම් දෙකක තහනම් පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් තහනම් වීම ගැන පාර්ලිමේන්තුව කතා කළේ නැත.පාර්ලිමේන්තුවේ කුමන පක්ෂයකින් ක්‍රිඩා ඇමතිවරයා පත් වුව ද,ඒ ආකාරයට හැසිරීමට බලයක් පාර්ලිමේන්තුවට තිබිය යුතු බව විශ්වාස කරන බව විපක්ෂනායකවරයාගේ හැසිරීමෙන් අවධාරණය කරමින් සිටියි.


ඔහුගේම පක්ෂය නිර්මාණය කරන ඊ පුවත්පතෙන් පවා තාර්කිකව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන ලද ක්‍රියාවන් නිසා ක්‍රීඩාවන් තහනම් වූ ආකාරය පෙන්වා දී ඇතත්,ඒ කිසිඳු කරුණක් පාර්ලිමේන්තු සභා ගර්භයට රැඟෙන යන්නට ඒ හරහාවත් අවබෝධයක් ලැබුවේ නැති පිරිස් මේ මොහොතේ ක්‍රිකට් හී මහා දණය හැසිරිවිම සදහා පුද්ගලයන් නම් කිරිමේ හැකියාව පාර්ලිමේන්තුව නියෝජනය කරන ක්‍රීඩා බලධාරියාට තිබිය යුතු බව පවසන්නේ අනාගත බලය සම්බන්ධයෙන් වන හීනය පෙරදැරිව විය යුතුය.


මේ මොහොතේ වඩාත්ම වැදගත් කොට පාර්ලිමේන්තුව ක්‍රීඩාව සම්බන්ධයෙන් සිතිය යුතුව ඇත්තේ ක්‍රීඩා පණත ගැනය.අවස්ථා තුනකදීම ක්‍රීඩා පනතේ අමාත්‍යවරයාට දී ඇති බලය එම ක්‍රීඩාවන් හි ජාත්‍යන්තර සංගම් පිළිගෙන නැත.ගැටළුවේ මූලිකම කාරණය ඇත්තේ එතැනය.අපට ඕනි විදිහට අපේ ක්‍රිඩාවන් හසුරුවන්න බලය තිබිය යුතුය කියා විපක්ෂය ද සිතන්නේනම් ඔවුන් ආණ්ඩුවට ආවද ක්‍රීඩාවට වෙන සෙතක්නම් සිතා ගන්නට නොහැකිය.මේ තත්ත්වය වෙනස් කර ලංකාවේ ක්‍රීඩා පණත අමාත්‍යවරයාගේ පුද්ගල බලය මත විසඳෙන තැන පළල පටු කර සකස් විය යුතුය.එහෙත් තවමත් කතාව පවතින්නේ ඇමති බලය ජාත්‍යන්තරය පිළිගත යුතුය යන ග්‍රාම්‍ය තැනමය.


ඔවුන්ට ක්‍රීඩාව සම්බන්ධයෙන් එල්ල වන විවේචන භාර ගන්නේ ශම්මි සිල්වාගේ කණ්ඩායමේ විවේචන හැටියටය.ක්‍රිඩාව දකින්නට අවශ්‍යය ක්‍රමය ශම්මිගේ සීමාවේ නොපවතින අතර එය ජාත්‍යන්තර සීමාවට පළල් කර,ලෝකය පිළිගන්නා තැනක සිට කතා කළ යුතුය.ක්‍රීඩා අමාත්‍යවරයා ලෝකයට ලියන්නේ මේ රටේ ක්‍රීඩාවේ දේශපාලන නියෝජිතයා ලෙසය.එසේ ලියමින් කියන්නේ දේශපාලන බලපෑම් ක්‍රිකට් ක්‍රීඩාවට නොමැති බවත්,විගණන වාර්තාවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරිම පිළිගන්නා හැටියටත්ය.එපමණකින් නොනැවතී පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් එම විගණන වාර්තා යොදා නඩු මඟට පිවිසෙන ලෙස නීතිපතිවරයාට ද බලපෑම් කරයි.විගණනකාධිපතිවරයා වාර්තා නිකුත් කරන ක්‍රමවේද ඉක්මවා ගොස් තමන්ට අවශ්‍යය ආකාරයට වාර්තා ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවට බලපෑම් කරන ලෙස කතානායකවරයාට දන්වයි.


මිට වසර කිහිපයකට ප්‍රථම මේ ආකාරයට සමාජය මත බලපෑම් කිරීමට හැකි පාර්ලිමේන්තුව ජනතාව ප්‍රතික්ෂේප කළ බව ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ බොහෝ පිරිසකටද අමතකව ඇත.ජනතාව ජනතාවට වගකිම වෙනුවට මන්ත්‍රී වරප්‍රසාද මත ඒ වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුව හඳුනාගෙන 225 ම එපා යැයි කීම ගැන දැන් තවත් පැත්තකින් හේතුපාඨ මතුවෙමින් ඇත.


කෝප් කමිටු රැස්වීමේදි විපක්ෂ නායකවරයාට එල්ල වී ඇති චෝදනා ඉදිරිපත් කරමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර අදහස් දක්වමින් ඔහුට එරෙහිව විපක්ෂය ගෙනෙන චෝදනාවල පදනම එය බව පෙන්වා දෙන්නට උථ්සාහ කළේය.විපක්ෂ නායකවරයා මෙන්ම හේෂා විතානගේ මන්ත්‍රීවරයා ද රංජිත් බණ්ඩාර ගැන කියූ කතාවලදී පැහැදිළි වූයේ ඔහු යම් ආකාරයකට පාර්ලිමේන්තු නිලධාරිණියකට අතවර කිරීමට උත්සාහ කර තිබෙන බවය.එසේම කෝප් කමිටුව යොදාගෙන සිය ව්‍යාපාරයට වාසි ලබා ගැනීම ගැන ද විපක්ෂ නායකවරයා යෝජනා කළේය.ක්‍රිකට් පදනම් කරගෙන කරන මේ වාද විවාදවලදි ජනතාවට තමන් පත් කරගෙන සිටින ජනතා නියෝජිතයින් ගැන ඇසෙන කතා තමන් පාලනය කරන්නේ කවුද යන්නත්,පාලනය කරන්නට එන්න සිටින්නේ කවුද යන්නත් තේරුම් ගැනීමට වැදගත් වි ඇත.

මේ ආකාරයට දෙපසින් දෙපසට එල්ල කරන චෝදනා සම්බනධයෙන් පරීක්ෂන කළ යුතුය.සමහර දේවල් දැනටමත් පරික්ෂාවට ලක් වී හඳුනාගෙන ඇති තොරතුරු බව රංජිත් බණ්ඩාරගේ කතාවෙන් ගම්‍ය විය.එහෙත් හඳුනා ගැනීමෙන් නොනැවතී ඒවා ගැන පරික්ෂා කර ඔප්පු කර ඉදිරිපත් කළ යුතුය.ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ ද මේ මොහොතේ ඒ දෙයමය.චෝදනා ඔප්පු කරන පරීක්ෂණයක් නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරන්නය.ක්‍රිඩා අමාත්‍යවරයා මෙන් හදිසියේ තමන්ට ඇති ඇරියස් ආවරණය කර ගැනීමට අධිකරණයට ඒවා රැඟෙන යන්නට නිතිපතිවරයා කල් මරන්නේ ඒ සම්බන්ධයෙන් වැඩිපුර හැදෑරීමට අවශ්‍යය නිසා විය යුතුය.මිට පෙර ද අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් ක්‍රීඩාවන් තහනම් කිරීමට එරෙහිව අධිකරණයේ පෙනි සිටිය ද,අවසාන ප්‍රතිපලය වූයේ එම ක්‍රීඩාවන් තහනම් කිරීම ඉවත් කර ගන්නට සිදුවීම සහ ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්වීමය.


මේ මොහෙතේ වැදගත්ම කාරණය වගකිවයුතු විපක්ෂයක්නම් සහ ආණ්ඩු බලය අපේක්ෂිත කණ්ඩායමක්නම් මේ ඇති වී තිබෙන තත්ත්වයට නිවැරදි දේශපාලන නායකත්වයක් දෙන්නේ කෙසේද යන්න පිළිබද ගැඹුරින් සිතීමය.නමුත් යම් මාර්ගයක දුරක් ගිය විට එය වැරදි බව දැන ආපසු හැරීමේ නිහතමානීත්වය ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගෙන් දකින්නට නොලැබෙන තරමට හිඟය.තේරුම් ගත්තද දැන දැනම තමන් පෙනී සිටි දේ නිවැරදි බව පෙනවන්නට උද්ධච්ඡ තර්ක ඉදිරිපත් කිරිම ස්වභාවය වන අතර ඊට සරිලන ආකාරයට නායකයා වෙනුවෙන් රවුම හතරැස් කීවද එය පිළිගන්නා තරමේ ආධාරකරුවන් කණ්ඩායමක් ද,ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්ෂයකටම සිටීමද වැදගත්ය.


පෞද්ගලිකත්වය පසෙක දමා මේ සිඳුවීම ක්‍රිකට්මය තැනින් මුදවා ගත් විට දේශපාලකයා පැහැදිළිවම අමතක කර සහ මතක තබාගෙන වැඩ කරන කාරණා දෙකක් හඳුනා ගන්නට හැකිය.ඔවුන් අමතක කරන්නේ ජාත්‍යන්තර ක්‍රිඩා සංගම්වල විධි විධානය.මතක තබා ගන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණතේ ඇති බලය ක්‍රියාත්මක කළ හැකි වගන්තිය.මේ දෙක අතර තිබෙන පරතරය පියවා ගැනීමට සූක්ෂමතාවය නැකි පුද්ගලයෙකුට බලය පැමිණි විට ඇතිවන ගැටළු මේ කාලය තුළ හොඳින්ම පැහැදිළි වී ඇත.


ඒ නිසා ක්‍රීඩා පනතේ වෙනස් විය යුතු දේ එය අධ්‍යයනය කර විපක්ෂය හෝ තේරුම්ගත යුතුව ඇත.අමාත්‍යවරයාගේ තිබෙන බලය ඒක පුද්ගල දේශපාලන බලයක් නොවන්නට අමාත්‍යවරයාව මෙහෙයවන ජාතික ක්‍රීඩා සභාව අමාත්‍යවරයාගේ පෞද්ගලික පත්කිරිමක් නොවන්නට මෙන්ම ක්‍රීඩා අරමුදල පාලනය ද පෞද්ලික අමාත්‍යවරයාගේ බලයට නතු නොවන්නට කටයුතු කළ හැකිනම් මෙහි එක පියවරක් සාර්ථක කර ගැනීමට හැකිය.රටේ අන් කිසිඳු ක්‍රීඩාවක් තිබෙන බවවත් නොදැන මෙන් ක්‍රිකට් වෙනුවෙන් පිබිද තිබෙන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කමිටුවකට මේ බලය පැවරීම සහ ක්‍රීඩා පණතේ 32 සහ 33 වගන්ති ඇසුරෙන් අමාත්‍යවරයා විසින් දරණ බලයද මේ කමිටු වෙත පැවරීම වැදගත්ය.


ජාතික ක්‍රීඩා සභාව පාර්ලිමේන්තුවෙන් පත් නොකරන්නේනම් අඩුම තරමේ එය විපක්ෂ නායක සහ අගමැති ප්‍රමුඛ කමිටුවක් මඟින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සියල්ලේම නාම යෝජනා ගෙන සිවිල් පුරවැසියන්ගෙන් මේ කණ්ඩායම සකස් කිරීම වැදගත්ය.එවිට මේ ආකාරයේ එක් ක්‍රීඩාවක් පමණක් වෙනුවෙන් නින්දෙන් අවදි වූ සේ පිබිඳ කෑ ගසන මහජන නියෝජිතයින් සිටින සභාවක් වෙනුවට ශ්‍රී ලංකාවට ජගත් කීර්තිය උපයාගත හැකි ක්‍රීඩාව ගැන මහජන නියෝජිතයන් රටේ පුරවැසියන්ට වගකිව යුතු ආකාරය එක දේශපාලනඥයෙකුට සීමා නොවී පාර්ලිමේන්තුවටම පැවරෙනු ඇත.


දැනට මේ ප්‍රශ්නය තිබෙන්නේ දෙපැත්තක බලය මත තමන්ගේ පැත්තෙන් කරන නිර්වචන මැදය.පාර්ලිමේන්තුව ක්‍රීඩා පනතේ සිට ක්‍රිකට් පාලනය කිරීමේ බලය ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට වඩා තදින් බැදී වග කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධි විධාන සහ ක්‍රිඩා පණතේ ඇති නොගැලපෙන තැන් ජාත්‍යන්තර වශයෙන් සමාන වන නෛතික රාමුවක ස්ථාපිත කිරීම මේ මොහොතේ හෝ පාර්ලිමේන්තුව තීරණය කළ යුතුය.


මේ කාර්යේයදී වඩාත් සුදුසු වන්නේ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ උපකාර උපදෙස් පැතීමය.එය ජාතික ඔලිම්පික් කමිටුව හරහා කළ හැකිය.ලෝකයේ වැඩිම ක්‍රීඩා ගණනක් ජාත්‍යන්තර ඔලිම්පික් යටතේ පවතියි.එසේම රාජ්‍යයන්ගේ බලය හෝ විශාලත්වය අනුව නොසැලී සිටිය හැකි අනන්‍යතාවයක් සහ ශක්තියක් ඔවුන් සතු වේ.මේ නිසා ජාත්‍යන්තර ක්‍රිඩා සංගම්වලට අනුව ලෝකයේ රට රටවල ක්‍රීඩා නීතිය සම්පාදනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් දැක්මක් සහ ප්‍රතිපත්තයක්ද,අවබෝධයක්ද ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවට ඇති බැවින් ඒ හරහා මාර්ගය සකසා ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මේ අවස්ථාවේ ගත හැකි හොඳම පියවරයි.එසේ නොවන තාක් කල් ක්‍රිකට් පිටියෙන් පිටතටත් දිවෙන සිදුවීම් හරහා එකිනෙකා වෙත එල්ල කර ගනු ලබන චෝදනා ඔස්සේ සිඳුවන්නේ ක්‍රිකට් පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන වේගයට සමානකමකින් එකිනෙකාගේ චරිත ද,පාර්ලිමේන්කු සජීවි විකාශයන් ඔස්සේ රටටම හෙළිදරව් වි කීර්තිය වැනසී යාමය.
මේ ක්‍රමවේදයට උඩින් බොලාලට ඕනි හැටියට අපි කරන්නෙ නැහැ,අපිට ඕනි හැටියට අපිට කරන්න දීපං වැනි චණ්ඩි පාට්වලින් සිඳුවන්නේ රනිල්ටවත්,සජිත්ටවත්,රොෂාන්ට හෝ රාජපක්ෂටත් කළ හැකි ක්‍රීඩාවක් රටේ ඉතුරු නොවීමය.ඒ නිසා ජාත්‍යන්තර හැඩය යනු අප මත බලපෑමක් කිරීම ලෙස නොව ලෝකය එක හැඩයකට ගැනීමක් ලෙස අවබෝධ කරගෙන හැසිරෙන්නට හැකි සේ රටේ ක්‍රීඩා පනත වෙනසකට බඳුන් කරන්නට පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතුය.


එසේ නොවුණහොත් තව ටික දිනකින් සිදුවිම් සිදුවෙමින් පවතින හැටියට පාර්ලිමේන්තුව හස්ත සංඥාවන්ට සිමා නොවුණු වෙනත් හස්ත ක්‍රියාවන් ගැන ද කතා වෙන තැනක් බවට පෙරලෙන්නට ඉඩ ඇති බවත්,ජනතාවට ඉතා පහසුවෙන් තමන් ජනතා නියෝජිතයන් පත් කිරීමේදී ක්‍රියා කර ඇති ආකාරය අවබෝධ කර ගන්නට හැකි වනු ඇති බවත් අපේ විශ්වාසය වෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan