ජවිපෙ පරණ ගෝත්‍රිකත්වය යලි මතුවේ ….

Date:

භීෂණයෙන් පසුව මෙතෙක් බ්‍රිතාන්‍ය තුල ජීවත්වූ උපතිස්ස ගමනායකගේ බිරිඳ වන කරුණාවතී මහත්මිය විසින් පානදුරේ ලාල්ගේ යූටියුබයට ලයනල් බෝපගේ සම්බදව කල අදහස් දැක්වීමකදී ඇය ප්‍රකාශකර සිටියේ පක්ෂයේ සත්‍ය සමඟ වැඩකල නොහැකි යමෙකු වෙයි නම් ඔහු පක්ෂයේ ද්‍රෝහියෙකු නොවී පැත්තකට වී සිටිය යුතු බවය..

මෙහිදී ඇගේ මතයට අනුව පක්ෂය වූකලී පරම (සුප්‍රිම්) පැවැත්මකි. ඊට පිටින් සිට අදහස් දැක්වීම ද්‍රෝහී පිලිවෙතකි..

මෙය ජ.වි.පෙ. පරණ ෆැසිස්ට් ලක්ෂන මොනවට පෙන්නුම් කරන ප්‍රකාශයකි..ඇගේ මේ වාග්ලාප වලින් ගලා එන්නේ එදා වෙනස් අදහස් දැරූවන් ඝාතනය කල ජ.වි.පෙ. ජ.වි.පෙ. පරණ ආඥාදායක මනෝභාවයයි..

එසේම ලාල් සමඟ කල මේ සම්මුඛ සාකච්චාවේදී ලයනල් බෝපගේ එදා ඉදිරිපත්කල ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය සම්බන්ධව ඇගේ මතය වන්නේ උතුරේ දෙමළ ජනයාට ඇත්තේ කෑම් බිම්, ඇඳුම් පැලඳුම්, ඔවුන්ගේ දරුවන්ට පාසල් වැනි සරළ මිනිස් අවශ්‍යතා පමණක් බවත් එය ලබාදුන් පසු සියල්ල විසඳෙන බවත්ය. ඇත්තෙන්ම මෙය අතිශය පටු කියවීමක් වන්නේ මිනිසුන් යනු මූලික අවශ්‍යතාවලින් නවතින වනාන්තර සත්වයින් නොවන බැවින් සහ ශිෂ්ඨ මිනිසුන් යනු සවිඥ්ඥානික සංස්කෘතික ජීවීන් කොට්ඨාසයක්ද වන බැවිනි..

මෙහිදී යම් ජනවර්ගයක් සතු ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු ඔවුන්ගේ සංකෘතික හා සකළවිධ ස්වයංතීරන අයිතිය ඔවුන්ටම ලබාදීම බව ශිෂ්ඨ ලෝකය අද පිලිගනී..

මෙහිදී ආර්ථික නිදහස යනු ද සංකෘතිය හා බැඳී පවතින්නකි. ලාංකීය දකුණේ සිංහල ජනයා උපකල්පනය කරන “කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකය”යනුද ඔවුන්ගේ සංකෘතික ආශාවකි..

එසේම යම් ජනවර්ගයකට ස්වයංතීරන අයිතිය අවශ්‍යවන්නේ තවත් අධිපති සංස්කෘතියකට අයත් පිරිසකගේ අතපෙවිම් හා බලහත්කාරය සිදුවන සන්තිතියක් තුලය.. අප උතුරේ ගැටලුව තේරුම් ගත යුත්තේ මේ සන්දර්භය ආශ්‍රයෙනි..

වර්තමාන ජ.වි.ප.ය සුළුවෙන් හෝ ස්වකීය පැරණි ජාතිවාදී මුල්වලින් මිදී ඇතත් කරුණා වැනි එහි පරණ ස්ථරය මඳකින් හෝ වෙනස්වී නැතිබව මේ සාකච්ඡාවෙන් එළිදරව් වෙයි….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...