ගොවියාට අය වැය සුබවෙයි! තාක්ෂණික උපකරණ කට්ටලත් ලබාදීලා.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (21) දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ගොවි ජනතාවට තොරතුරු හා උපදෙස් ලබා දීම සඳහා තාක්ෂණික උපකරණ කට්ටල ලබා දීම සිදුවී ඇත.

මෙය ලබා දීම සිදු වී ඇත්තේ, දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ලෝක බැංකු ආධාර යටතේ බව සඳහන් වේ.

සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍ර බවට පත් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය ලේඛනයේ දී ඉදිරිපත් කළ යෝජනාව අනුව, ගොවිජන මධ්‍යස්ථානවලින් ගොවීන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමට මෙම පියවර ගෙන ඇත.

මෙහිදී, ගොවි ජනතාව නව කෘෂි තාක්ෂණය සමිබන්ධව දැනුම්වත් කිරීම සඳහා රුපියල් මිලියන 30ක් වටිනා පරිගණක හා අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ කට්ටල බාර දීම සිදු කෙරුණා.

මෙම උපකරණ කට්ටල ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල් අබේරත්න මහතා වෙත කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් බාර දෙනු ලැබීම සිදු කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...