ගොවියාට අය වැය සුබවෙයි! තාක්ෂණික උපකරණ කට්ටලත් ලබාදීලා.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (21) දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ගොවි ජනතාවට තොරතුරු හා උපදෙස් ලබා දීම සඳහා තාක්ෂණික උපකරණ කට්ටල ලබා දීම සිදුවී ඇත.

මෙය ලබා දීම සිදු වී ඇත්තේ, දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් ලෝක බැංකු ආධාර යටතේ බව සඳහන් වේ.

සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍ර බවට පත් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය ලේඛනයේ දී ඉදිරිපත් කළ යෝජනාව අනුව, ගොවිජන මධ්‍යස්ථානවලින් ගොවීන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමට මෙම පියවර ගෙන ඇත.

මෙහිදී, ගොවි ජනතාව නව කෘෂි තාක්ෂණය සමිබන්ධව දැනුම්වත් කිරීම සඳහා රුපියල් මිලියන 30ක් වටිනා පරිගණක හා අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ කට්ටල බාර දීම සිදු කෙරුණා.

මෙම උපකරණ කට්ටල ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල් අබේරත්න මහතා වෙත කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් බාර දෙනු ලැබීම සිදු කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...