රට පුරා වැටලීම් මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් කළ වැටලීමකින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත.

කොළඹ භාණ්ඩ නිෂ්කාසන ආයතනයක් හරහා එවන ලද පාර්සලයක තිබී කොකේන් ග්‍රෑම් 511ක් හා මරිජුවානා කිලෝ 5යි ග්‍රෑම් 161ක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අමෙරිකාවේ සිට ගුවන් මගින් මෙම පාර්සලය ලැබී තිබුණේ කොළඹ පිහිටි ආයතනයක් වෙත වන අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 66,940,000ක් බව රේගු මධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට පැමිණි එම භාණ්ඩ තොගය ඇයගේ ලිඛිත අවසරය මත භාරගැනීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා රේගුවට කරන ලද ප්‍රකාශයකට අනුව, අදාළ භාණ්ඩ ලැබුණු ආයතනයට අනියුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද විමර්ශනය සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.

තවද, රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පාකිස්තානයේ ලාහෝර් නුවර සිට තුවා ලෙස ඉතා සූක්ෂම ආකාරයෙන් පාර්සල් 08ක් ලෙස සකස් කර මෙම හෙරොයින් ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...