විසඳුම් නැති අලි ප්‍රශ්න වලට විසඳුම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දීර්ඝ කාලයක සිට විසඳුමක් නොමැති ලෙස, පො‌ළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වන අලි ගැටලු අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වනජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.

මෙහිදී, අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළයුතු බවටත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී ‍‍‍අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් දී ඇත.

දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන, පාරමිපරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන පුද්ගලයන්ගේ ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද අමාත‍්‍යවරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහිද‍ි උපදෙස් ද‍ී ඇත.

අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතල අභියෝගයක් බව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...