අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් නෑ මාස තුනකට ඇතිවෙන්න බඩු තියනවා – මුදල් ඇමති

Date:

රටතුළ පවතින භාණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. රේගු දත්තවලට අනුව මාස තුනකට ප්‍රමාණවත් භාණ්ඩ රටතුළ පවතින බවයි මුදල් ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඇතැම් අවස්ථාවල භාණ්ඩ හිගයක් ඇතිවිය හැකි බවත්, ඊට හේතුව නිසි පරිදි භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු නොවීම බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි. භාණ්ඩ බෙදාහාරීම පිළිබඳ දත්ත නොමැති වුවත්, මාස තුනකට ප්‍රමාණවත් වන අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රටතුළ පවතින බව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මෙම කරුණු සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇතැම් භාණ්ඩ තොග ගබඩා කිරීම හෝ වෙළඳාමට අදාල කොන්දේසි හේතුවෙන් ඇතැම් වෙළඳුන් අයුතු ලාභ ගැනීමට උත්සාහ දරන බවයි. එවැනි තත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් එවැනි කටයුතුවල නිරත වන වෙළඳුන් නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...