සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සැලසුම් කර ඇති පරිදි , මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දී ඇත..
අද (22) දින උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගයට ගැනුණු අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කරගෙන ඇති බවද වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??