ගුවන් ගමන් පාලක හිඟයට විසඳුමක් ලෙස ගුවන් ගමන් කටයුතු ඩිජිටල්කරණට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පාලන කුළුණේ පවතින ගුවන් ගමන් පාලක හිඟය හමුවේ ගුවන් ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල් කිරීමට ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන කුළුණ සහ රේඩාර් මෙහෙයුම් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම දියුණුව ගුවන් තොටුපළේ ගුවන් ගමනාගමන පාලන මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා සිදුවෙමින් පවතින නවීකරණ ක්‍රියාවලියේ තවත් එක් විශේෂ පියවරකි.

මෙම අති නවීන පද්ධතිය ආරම්භ කිරීම සඳහා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ආයතනය විසින් විසින් කරන ලද මූල්‍ය ආයෝජනය දළ වශයෙන් රු. බිලියන 1.2 ක් බව පැවසේ.

වැඩි ආදායම් මාර්ග ඉපයීමේ අරමුණින්, ඕමානයට සහ වෙනත් රටවලට රැකිය සඳහා ගොස් ඇති වූ ගුවන් ගමනාගමන පාලකයන්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල ගුවන් සේවා ‘බිඳවැටීමක’ ට මුහුන දී ඇත.

කටුනායක, රත්මලාන, මත්තල සහ යාපනය යන ගුවන් තොටුපළවල් සඳහා ශ්‍රී ලංකාවට ගුවන් ගමන් පාලකවරුන් 150ක් සිටිය යුතු නමුත් ,දැනට සිටින්නේ 80ක් පමණ වන බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.

ගුවන් ගමනාගමන පාලකයන් පුහුණු කරන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා වසරක පාඨමාලාවක් සම්පූණ කරමින් සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් බිහි කිරීමට වසර 10 ක් පමණ ගත වන අතර. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් පුහුණු කිරීමට පෞද්ගලික අංශය උනන්දු වන්නේ නැති බවද සඳහන් වේ.

මීට පෙර, ගුවන් ගමනාගමන පාලකයින් ගුවන් ගමන් පාලන කුළුණ සහ RADA මධ්‍යස්ථානය අතර කළමනාකරණය කරන ලද ක්‍රියාවලියක්, පිටත් වන සහ පැමිණෙන ගුවන් යානාවලට අදාළ තොරතුරු අතින් ලිවීමෙන් තම රාජකාරී කටයුතු සිදු කරන ලදී. නමුත් මෙම නවතම ගුවන් ගමනාගමන කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීම මගින් අත්‍යවශ්‍ය දත්ත අදාළ තොරතුරු තාක්ෂණික ආකාඅරයට සිදුවේ.

මෙම ඩිජිටල්කරණය හරහා ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ සියලුම ගුවන් යාත්‍රා සේවා වේගවත් කර කරයි, මෙම අති නවීන පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් ගුවන් යානා ප්‍රමාණය වැඩි කිරීමට හේතුවේ.

මෙම නව්‍යකරණය තුළ ගුවන් යානා වල ආරක්ෂාව සම්බන්ධයෙන් එහි තොරතුරුවල ඇති නිරවද්‍යතාවය 100% ක වැඩි දියුණුවක් ඇති කරනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...