මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් වැඩ වර්ජනය අත හරී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ LNW: කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් වී ඇති බව වාර්තා වේ.

අද (22) උදෑසන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනයක් නිසා අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් මෙන්ම මුදල් අයකිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට පවරණු ලැබීය.

අධිවේගී මාර්ග පිවිසුම්වල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සේවකයින් රැගෙන ගොස් තිබූ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ එම යන්ත්‍රවලට හානියක් සිදුකර ඇත්නම් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

මෙහිදී , මහාමාර්ග අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ  11,000ක් පමණ වූ සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා අසනීප නිවාඩු වාර්තා කර තිබිණු අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට ආදායම් ලබන එකම ව්‍යාපෘතිය වන අධිවේගි මාර්ග පද්ධතිය මුදල් අමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමකට පැවරීමට සහ හඳුන්වාදීමට නියමිත බඳවාගැනීමේ පටිපාටියට විරෝධය පළ කිරීම මෙන්ම 2023 වසරේ ලබා නොගත් නිවාඩු වෙනුවෙන් හිමිවන දීමනා ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් එයට හේතු විය.

සිය ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම මත ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ඇති විධායක ඉංජිනේරු, පළාත් භාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති කාර්යාල සහ අධිවේගී මාර්ගවල සේවකයින් අද මෙලෙස වර්ජනයකට අවතීර්ණ වී ඇති බව වර්ජනයේ නිරත ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

අද උදෑසන සිට දිවයිනේ සියලු අධිවේගී මාර්ගවල රාජකාරි කටයුතුවලින් සේවකයන් ඉවත් වී තිබුණු අතර, අධිවේගී මාර්ග පද්ධතියේ ඇතැම් අන්තර් හුවමාරුවල ප්‍රවේශපත්‍ර නිකුත්කරන යන්ත්‍ර ඇතුළු උපකරණ සේවකයින් ගලවා ගෙනගොස් ඇති බව වාර්තා විය. එහිදී, අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ සහ මුදල් අයකිරීමේ කාර්යයන් සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට රජය පියවර ගත් අතර, දක්ෂිණ අධිවේගි මාර්ගයට යුද හමුදාවත් කටුනායකට ගුවන් හමුදාවත් මධ්‍යම අධිවේගි මාර්ගයට නාවික හමුදාවත් ලෙස ත්‍රිවිධ හමුදාව යොදවා තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...