2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර තිබුණු පෙත්සමක් අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
රණවක මහතාගේ පෙත්සම විභාග කර අවසන් වන තෙක් මෙම අතුරු තහනම බලපැවැත්වෙන බවයි විනිසුරු මඬුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් වන්නේ.
RN