ඉම්රාන් ඛාන් 28 වැනිදා ඉස්ලාමාබාද් අධිකරණය හමුවට!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වනවිට සිරගත වී සිටින අතර, ඔහුට ලබන 28 වැනිදා , රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා පෙනී සිටින ලෙස , ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය තව දුරටත් සඳහන් කළේ, පසුගිය අගෝස්තු මාසයේදී සිරගත කරනු ලැබූ පාකිස්තානයේ හිටපු අගමැතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන බවයි.

තවද, රාජ්‍ය රහස් පනත යටතේ ඉස්ලාමාබාද් නුවර පිහිටුවන ලද විශේෂ අධිකරණය ඊයේ එම නියෝගය නිකුත් කර ඇති අතර, ඉම්රාන් සමඟ සිරගත වී සිටින හිටපු විදේශ ඇමති ෂා මහමූද් කුරේෂී ට ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබී ඇතැයි ද සඳහන් වේ.

ඉම්රාන් ඛාන් සිරගත කරනු ලැබුවේ , අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී විදේශ රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට නීති විරෝධී අයුරින් අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම පිළිබඳ පැවැති නඩු විභාගයකින් වරදකරු වීම හේතුකොටගෙනය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...