ඉම්රාන් ඛාන් 28 වැනිදා ඉස්ලාමාබාද් අධිකරණය හමුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වනවිට සිරගත වී සිටින අතර, ඔහුට ලබන 28 වැනිදා , රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා පෙනී සිටින ලෙස , ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය තව දුරටත් සඳහන් කළේ, පසුගිය අගෝස්තු මාසයේදී සිරගත කරනු ලැබූ පාකිස්තානයේ හිටපු අගමැතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන බවයි.

තවද, රාජ්‍ය රහස් පනත යටතේ ඉස්ලාමාබාද් නුවර පිහිටුවන ලද විශේෂ අධිකරණය ඊයේ එම නියෝගය නිකුත් කර ඇති අතර, ඉම්රාන් සමඟ සිරගත වී සිටින හිටපු විදේශ ඇමති ෂා මහමූද් කුරේෂී ට ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබී ඇතැයි ද සඳහන් වේ.

ඉම්රාන් ඛාන් සිරගත කරනු ලැබුවේ , අගමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී විදේශ රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලැබුණු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා දීම වෙනුවට නීති විරෝධී අයුරින් අලෙවි කිරීම සහ හිතවතුන් අතර බෙදා දීම පිළිබඳ පැවැති නඩු විභාගයකින් වරදකරු වීම හේතුකොටගෙනය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...