උතුරු නැගෙනහිර ජනතාවට සුභ පණිවිඩයක්!

Date:

කොළඹ LNW:උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳින ලද නමුත් යුද්ධයෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගන්නා ලද ඉඩම් විශාල ප්‍රමාණයක් නැවත එම ජනතාවට පවරාදීමට සියලු පියවර ගෙන ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව 1985 වසර හෝ ඊට පෙර සිටම භුක්ති විඳින ලද ඉඩම් වන සංරක්ෂණයට අයත් කැළෑ හෝ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ ලෙස මේ වන විට ගැසට් කර තිබුණද ඉදිරියේදී අදාළ ප්‍රදේශවල සිටි පිරිසට එය පවරාදීමට නියමිත බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

වන්නිආරච්චි මහත්මිය මේ බව කියාසිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති නමුත් කාලයක සිට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම් ඔවුන්ට පවරාදීම සම්බන්ධයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

බලංගොඩ රජවක රක්ෂිතය ඇතුලු ප්‍රදේශවල හා රත්නපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල කාලයක් තිස්සේ එම ජනතාව භුක්තිවිදින ලද ඉඩම් පවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කර ඇති බවත්, නැවත මිනුම් අභ්‍යාසයකින් අනතුරුව ඒවායේ සීමා මායිම් ලකුණු කර අදාළ භුක්ති විඳින ලබන ප්‍රදේශ එම ජනතාවට නැවත පවරා දෙන බවත් ඇය සඳහන් කරන ලදී.

ඉන් අනතුරුව කිසිවකුට අල්ලාගත නොහැකි වන පරිදි නිවැරදි ලෙස සළකුණු කරන ලද රක්ෂිත මායිම් ගැසට් කරන බවත්, ඒවා ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, වන වියන ආරක්ෂාකරගනිමින් 32%ක් දක්වා මෙරට වන ගහණය වැඩි කිරීමට තමන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරිය අවධාරණය කළාය.

මෙම සාකච්ඡාව තුළදී වන සංරක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුක්තව එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන්ද අවශ්‍ය වුවහොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඇතුළු සහභාගීත්වයෙන් ඒකාබද්ධව සංගණන හා ඉඩම් පරිහරණ රටාව හඳුනාගැනීමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ඉදිරි දිනවලදී සිදුකිරීමට සැළසුම් කෙරිණි

එමෙන්ම ඔවුන් විසින් ලබාදෙන දත්ත අනුව නිවැරදි සීමා මායිම් සහිතව සිතියම් ගතකිරීමටද එහිදී සාකච්ඡා කර තිබේ.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පිරිසට ඉඩම් පවරාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එහි මුල්ම අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එම සීමා සළකුණු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යතුමිය පැවසුවේ ඉතාම ප්‍රවේසම් සහගතව එය සිදුකරන ලෙසත් සංවේදී කලාපවලට කිසිදු හානියක් සිදු නොවන ලෙස අදාළ සිතියම්ගතකිරීම සිදු කරන ලෙසත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...