රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක වැටුප් වැඩිකිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

“ජනාධිපතිතුමාගේ දැඩි අවදානය යොමු වෙලා තියෙනවා රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාම සේවකයින්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ. අඩුම තරමේ රාජ්‍ය සේවකයින්ට ජනවාරි මාසේ ඉදලා අප්‍රේල් මාසය දක්වා අඩුම තරමින් රුපියල් 5,000 ගානේ වත් දෙන්න කියන එක. මේ සඳහා මාසකට අවශ්‍ය වෙනවා අපිට රුපියල් ලක්ෂ 65,000ක්. ඊට අමතරව විශ්‍රාමිකයින්ට වැඩිකළ රුපියල් 2,500ත් ජනවාරි ඉදලා දෙන්න කියලා. ඒ සඳහාත් අපිට රුපියල් ලක්ෂ 18,000ක් අවශ්‍ය වෙනවා. රජ්‍ය විශ්‍රාමිකයින් ඉන්නවා හත් ලක්ෂයක් වගේ. මෙය ජනවාරි සිට ලබා දෙන්න දැඩි උතසාහයක යෙදෙනවා”

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...