බන්ධනාගාරගත සැකකරුවෙකු මියයෑමේ සිද්ධියකට පොලීසියේ 04ක් රිමාන්ඩ්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වඩුක්කොඩෙයි පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 04දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් මස 04 වනදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව සඳහන් වේ.

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 11 වනදා වඩුක්කොඩෙයි පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, 26 හැවිරිදි එම සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබු අතර බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගීවු සැකකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

අදාළ සැකකරුගේ ශරීරයේ වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිරවීම මරණයට හේතුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මඟින් අනාවරණය කර ඇති අතර , එහිදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...