Derek Chauvin ට බන්ධනාගාරයක දී රැඳවියෙකුගෙන් පිහි ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2020 දී සිදු වූ කළු ජාතික ෆ්ලොයිඩ් ගේ ඝාතනය පොලිස් ම්ලේච්ඡත්වයට සහ වර්ගවාදයට එරෙහිව ලොව පුරා විරෝධතා මාලාවක් ඇති වූ අතර, එහිදී ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ, මිනියාපොලිස් හි පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, සිකුරාදා ඇරිසෝනාහි ෆෙඩරල් බන්ධනාගාරයක දී රැඳවියෙකු විසින් 47 හැවිරිදි චෞවින්ට පිහියෙන් ඇන ඇති බවත් , ඔහු බරපතල තුවාල ලබා ඇති බවත් ය.

ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනීමට සූදානම්වන මොහොතේ සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරික් චෞවින් සිය දණහිස යොදාගනිමින් බිම වැතිර සිටින ෆ්ලොයිඩ්ගේ ගෙල විනාඩි නවයක කාලයක් සිරකරගෙන සිටින ආකාරය වීඩියෝ පටයක සටහන්ව තිබූ අතර එය ලෝක මට්ටමින් සුදු වර්ණභේදවාදයට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැතිරයාමට හේතුවිය. “මට හුස්ම ගන්න බැහැ” යනුවෙන් ෆ්ලොයිඩ්ගේ මැකී යන හැඬීම එම වීඩියෝවෙන් සටහන් වීම මහත් කම්පනයක් ගෙන එන්නකි.

ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියා, 2021 අප්‍රේල් මාසයේ දී මිනීමැරුම් සහ මනුෂ්‍ය ඝාතන චෝදනාවලට වැරදිකරු වීමෙන් පසු වසර විසි දෙකයි මාස හයක සිර දඬුවමකට යටත් වූ අතර, පසුගිය සතියේ, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩෙරෙක් චෞවින්ගේ මිනීමැරුම් වරද සම්බන්ධයෙන් කළ අභියාචනයක් ද ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...