එමිරේට්ස් ගුවන් සේවාව ඊශ්‍රායලයට යන සියලු ගුවන් ගමන් අත්හිටුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් නිල ගුවන් සේවාව වන එමිරේට්ස් ගුවන් සේවාව ගාසා තීරයේ යුද ගැටුම් සැළකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙනතුරු, ඊශ්‍රායලය බලා පියාසර කරන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් මස 30 වැනිදා දක්වා ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවන බව එමිරේට්ස් ගුවන් සේවය මීට පෙර නිවේදනය කර තිබුණු අතර, ඊශ්‍රායලයේ පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, අදාළ බලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බවත් එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර පළමුව ඔක්තෝබර් මස 20 දක්වා ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිටුවා තිබූ අතර, පසුව එය ඔක්තෝබර් මස 26 දක්වා දීර්ඝ කර තිබිණි. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වැනිදා දීර්ඝ කළ එමිරේට්ස් ගුවන් ගමන් පසුගියදා දීර්ඝ කරනු ලැබුවේ නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාල සීමාවකට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...