Kyiv වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක්! මෙතෙක් එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරයද මෙය බවටත් තොරතුරු !

0
439

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (25) අලුයම Kyiv වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම ප්‍රහාරය, යුක්‍රේන රුසියානු යුද්ධය ඇරඹුණු දා සිට මෙතෙක් එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව යුක්‍රේනය පැවසුවේ, රුසියානු ප්‍රහාරක ඩ්‍රෝන යානා 71 ක් බිම හෙළා ඇති බවත්, මේ හේතුවෙන් Kyiv හි විවිධ දිස්ත්‍රික්කවලට ප්‍රහාර එල්ල වී ඇති අතර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Kyiv නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, නගරයේ ගුවන් අනතුරු ඇඟවීම පැය හයක් පැවති අතර ඩ්‍රෝන් සුන්බුන් කඩා වැටීමෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි.