කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇති බවත්, ඊට සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, පසුගියදා පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මීට පෙර පැවති කෝප් කමිටු සභාවාරයකදී සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, සභාපතිවරයා හස්ථ සංඥා මගින් ඇතැම් කරුණු ප්‍රකාශ කිරීම නතර කිරීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...