සෞඛ්‍ය සේවාව කඩා වැටීමට පෙර, වෛද්‍ය සැපයුම් අංශයට අධ්‍යක්ෂකවරයෙක් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් වහාම පත් කරන්න – රවී කුමුදේශ්

Date:

ඖෂධ බාර ගත යුතු අකාරය පිළිබඳව සහ නිලධාරීන්ගේ වගවීම පිළිබඳ මාර්ගෝපදේශයක් වහා නිකුත් කරන ලෙසත්, වෛද්‍ය සැපයුම් අංශය විසින්, ඖෂධ ඇතුළු අයිතම සියයක් පමණ භාර නොගැනීම නිසා, සෞඛ්‍ය සේවාව තුල විශාල අර්බුධයක් මතුව ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස්,

ඖෂධ නියාමන අධිකාරියේ දැනට සිටින ඉහලම කළමණාකරණ නිලධාරියා වන, එහි නියොජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් සැපයුම් භාර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් වරයාගෙන් ලිඛිත මාර්ගෝපදේශයක් ඉල්ලා ඇති නමුත්, සෞඛ්‍ය සතියකට වැඩි කාලයක් ගතව තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කර නොමැත. මේ හේතුවෙන් වෛද්‍ය සැපියීම් අංශය ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් භාර ගැනීම නතරකොට ඇත.

මේ වනවිටත් අයිතම සියයකට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට භාවිතා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති අතර එය ජනවාරි, පෙබරවාරි මාසවලදී සෞඛ්‍ය සේවාව තුල විශාල අර්බුධයක් නිර්මාණය කිරීම නොවැලැක්විය හැකිය.

රාජ්‍ය ඖෂධ නිශ්පාදනය සංස්ථාවේ ඖෂධ කන්ටේනර කිහිපයක් දින දහයක පමණ කාලයක් මහා මාර්ගයේ නතර කර තබා නැවත පිටත්ව ගොස් ඇත. ඊට අමතරව දේශීය සැපයුම්කරුවන්, විදේශීය සැපයුම්, ඖෂධ සංස්ථාව පමණක් නොව ආසියානු සංවර්ධන බැංකුව, AIIB, යුනොප්ස් ඇතුළු සංවිධාන හරහා ආධාර වශයෙන් ලැබෙන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් පවා නැවත හරවා යැවෙන තත්වයකට පත්ව තිබේ.

දෙසැම්බර් මුල් සතිය වනවිට සාමාන්‍ය ගබාඩා විගණන කටයුතු සදහා සැපයුම් භාර ගැනීම නතර කිරීම අත්‍යවශ්‍ය වන බැවින්, නොවැම්බර් මාසයේදී අතිරික්ත සැපයුම් ප්‍රමාණයක් ගබඩා කිරීමට අවශ්‍යව තිබියදී මෙවන් අර්බුධයක් සඳහා පිළියම් නොයොදා සිටීම සෞඛ්‍ය සේවාව හිතාමතාම අර්බුධයක් වෙත තල්ලුකර දැමිමකි.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...