බෝගොල්ලාගම සිය අක්ත පත්‍රයේ විවෘත පිටපත බාරදෙයි.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW : මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයේ වැඩ බාරගත් රෝහිත බෝගොල්ලාගම මහතා  එරට විදේශ , පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේදී වයිස් මාර්ෂල් හා අධ්‍යක්ෂිකා වික්ටෝරියා බිස්බි මෙනෙවියට සිය අක්ත පත්‍රයේ මූලික පිටපතක් චාරිත්‍රානුකූලව පිළිගැන්වීය.

එය 111 වන චාල්ස් රජුට නිළ අක්ත පත්‍රය පිළිගැනිවීමට පෙර සිදුකරන සාම්ප්‍රධායික කටයුත්තකි. ඒ සදහා ඉක්මන් අවස්ථාව ලබාදීම ගැන ඇයට ස්තුතිය පළකල මහකොමසාරිස්වරයා දෙරට අතර සුහදතාව හා  ද්විපාර්ශවික කටයුතු මෙන්ම අන්නොන්‍ය විශ්වාසය වර්දනය කිරීමට කැපවන බවට ද ප්‍රතිඥා දුන්නේය. චාල්ස් රජු, එරට ආණ්ඩුව හා ජනතාව ගේ අඛණ්ඩ ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රි ලංකා ජනාධිපති රනිල් විකුමසිංහ මහතා හා ජනතාවගේ සුබ පැතුම් ද එක් කළේය.

දෙරටේ සබදතා තවත් පුළුල්වීමට ලංකාව ගැන පළල් අවබෝදයක් එරට රජයට ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය. මහකොමසාරිස්වරයාගේ හා ශ්‍රී ලංකාවේ කටයුතු සාර්ථක වනු දැක්ම බ්‍රිතාන්‍යයේ  කැමැත්ත බවද ඒ වෙනුවෙන් සුබ පතන බවද බිස්බි මෙනෙවිය පැවසුවාය.

 මෙම අවස්ථාවට එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රදූත නිලධාරිනිය වන  (Counsellor) හිරුනි රාජපක්ෂ මහත්මියද එක් වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...