සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට නීත්‍යානුකූල නොවූ දීමනා රු. මිලියන 47ක් ගෙවලා! විගණන හෙලිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් සඳහා 2022 වසරේ මාර්තු මාසය දක්වා වූ කාලය වෙනුවෙන් රුපියල් මිලියන 47ක නීත්‍යානුකූල නොවූ දීමනා ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

2016 ජනවාරි මාසයේ සිට පුහුණුව සඳහා මධ්‍යම රජයේ රෝහල් 22කට අනුයුක්ත කර සිටි සීමාවාසික වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් අදාළ මුදල් ගෙවා ඇති බව හෙළිවී ඇත.

තවද, අනෙකුත් රෝහල්වලට අදාළව 2016 වසරේ සිට 2022 වසර දක්වා වැඩිපුර ගෙවා ඇති නීත්‍යානුකූල නොවූ දීමනා වටිනාකම කොපමණද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොමැති බවද අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...