ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය එක්ව ඉදිරි ගමනක්!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරයි.

ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සහයෝගීතා රාමුවකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

එහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික රාමුව තුළ ‘සාධාරණ වෙළඳ සංකල්පයන්’ ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කිරීමයි.

ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය(International Fair-Trade Network) යනු ප්‍රමිති සහතික කිරීම, නිෂ්පාදක සහාය වැඩසටහන් සහ උපදේශනය හරහා සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදාහරින ගෝලීය ජාලයකි.

නීති, බැඳීම් නොවන යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලසුම්, උපාය මාර්ග, මුලපිරීම් යනාදී සාධාරණ වෙළඳාම සඳහා සහයෝගය ලබා ගැනීම සඳහා විවිධ රාජ්‍ය ප්‍රතිපත්ති මෙතුළින් ලබාගත හැකි ප්‍රතිලාභයන් කිහිපයකි.

ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියැලී සිටින බොහෝ සංවිධාන ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහභාගි වන...

මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත් කරල් තොගයක් කල්පිටියෙන් සොයා ගනී!

රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW : කන්දකුලිය, තුඩාව වෙරළට...