එක්සත් රාජධානිය ජයගත් ශ්‍රී ලාංකික පුංචි පැංචි යෙනුලි බිනාරා..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා දියණියට හිමිව ඇති බව වාර්තා වේ.

විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද ඇය වන අතර, මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබීමද විශේෂත්වයකි.

කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර, ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇති අතර, පසුගිය වසර තුනක කාලය තුල සංගීතය,ගායනය,කථික ,රංගනය ආදී අංශ ගණනාවකින් රටවල් කිහිපයකම තරග රැසකින් ජයග්‍රහණ හිමි කරගන්නටද ඇය සමත් වී ඇත.

‍යෙනුලි වයස අවුරුදු 12 දී හන්ඩ්‍රඩ් නැමති ජාත්‍යන්තර සංවිධානයක ලොව ලාබාලතම තානාපති ලෙසද තේරි පත්ව සිටි බවද සඳහන් වේ.

“මෙය හොඳ නව ලෝකයක් ගොඩ නගන්නට මහන්සිවෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් සහ අභිප්‍රේරණයක්..” ලෙස ද්‍ය කියා සිටී.

ශ්‍රී ලාංකික නාමය ලොවට ගෙන යන්නට හැකිවූ යෙනුලි බිනාරා දියණියට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...