විපක්ෂ නායකවරයා හමු වූ ඉන්දීය ආර්ථීක විශේෂඥ මොන්ටෙක් සිං!

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ ආර්ථික සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා වන මොන්ටෙක් සිං මහතා අතර සුවිශේෂී හමුවක් අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

මෙම හමුව දෙරට අතර නායකයන් අතර සිදුවූ වැදගත් හමුවක් ලෙස හැඳින්විය හැකි ය. මෙම සුවිශේෂී හමුව හුදෙක් සංවාදයකට පමණක් සීමා නොවූ අතර, මෙරට ආර්ථිකය දියුණු කළ හැකි නව ක්‍රමෝපායන් සහ මාවත් රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

මොන්ටෙක් සිං මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර වූ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂයන් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්ථාව ලැබුණි.

ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ ගෞරවනීය සාමාජිකයන් පිරිසක් ද සමගි ජන බලවේග බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...

රනිල්ගේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම හිටපු...

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...