- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනකට එළඹීම පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයකට පැමිණි බව නිල ණයහිමියන්ගේ කමිටුව (Official Creditor Committee) නිවේදනය කරයි: මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමේ දෙවන වාරිකය ලබා ගැනීමට හේතුවනු ඇති බව පවසයි: තම කොන්දේසි හා සමානවම හිතකර වූ කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා බලධාරීන්, පෞද්ගලික ණයහිමියන් සමඟ දිගටම එකඟතාවකට එළඹෙනු ඇතැයි ද අපේක්ෂා කරයි: ඉදිරි සතිවලදී අවබෝධතා ගිවිසුමක් සමඟ මෙම එකඟතාව විධිමත් කිරීමට ද අපේක්ෂා කරයි: “ණය ප්‍රතිව්‍යූහගතකරණයේ සංසන්දනාත්මකභාවය” ඇගයීම සඳහා නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට “අනෙකුත්” ද්විපාර්ශ්වික ණය හිමියන් එකඟ වනු ඇතැයි වැඩිදුරටත් අපේක්ෂා කරයි: මෙම එකඟතාව මඟින් ඇ.ඩො. බිලියන 5.9 ක පමණ ණය ආවරණය කිරීමට අපේක්ෂා කරන අතර, එය “දිගු-කාලීන කල්පිරීමේ දිගුවක්” සහ “පොළී අනුපාත අඩු කිරීම” යන සංසිද්ධීන් දෙකෙහි මිශ්‍රණයක් බව සඳහන්: රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ පරිදි බොහෝ දෙනා බලා සිටි “ණය කප්පාදුව” (hair-cut) සාක්ෂාත් කර ගත් බවක් පෙනෙන්නට නැති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
- මෙවර අයවැයෙන් විපක්ෂයේ කොටසක් බිඳ දැමීම සඳහා ජනාධිපතිවරයා දැරි ප්‍රයද්නය අසාර්ථක වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ පා.ම. ආචාර්ය නාලක ගොඩහේවා පවසයි: ණයහිමියන්ට ණය නොගෙවීම නිසා පොලිසියට හසුවන තුරු සැඟවී සිටින ණයගැතියෙකුට ශ්‍රී ලංකාව සමාන කරයි: ශ්‍රී ලංකාව ගිනි කන්දක් මත සිටින අතර, මෙම අර්බුදය බිහිසුණු ආකාරයෙන් පුපුරා යාමට නියමිත බවට අනතුරු අඟවයි.
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කෙරේ: මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා සැලසුම් දියත් කරන අතර, ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව තෙන්නකෝන් පවසයි.
- වසර 200කට අධික කාලයකට ඉහත මෙරටින් කොල්ලකන ලද ලෙව්කේ කාලතුවක්කුව ඇතුළු ශ්‍රී ලංකා කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්ත තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර දෙයි: මෙම කෞතුක භාණ්ඩ අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් භාර ගැනීම සිදුව තිබේ: මෙම භාණ්ඩ, 2023 දෙසැම්බර් 5 වන දින සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
- පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි: අධිකරණ නියෝගයකට අනුව පැමිණ පැය 48ක් ඇතුළත ජෙරෝම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.
- රජයේ එක් ශාඛාවක් එහි බලතල ඉක්මවා නොයන බවට සහතික වන පරිදි “බලය බෙදීමක්” සිදු නොවන්නේ නම් එවන් කිසිඳු රටක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස හැඳින්විය නොහැකි බව හිටපු මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානී මහාචාර්ය දීපිකා උඩගම පවසයි: විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආණ්ඩුකරණයේ ශාඛා තුන අතර “සමතුලිතතාවයක්” ඇති වන පරිදි එකිනෙකා කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කරයි.
- වියදම් අවම කර ගැනීම සඳහා ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට සමඟි ජන බලවේගය යෝජනා කරන බව එම පක්ෂයේ පා.ම. හර්ෂණ රාජකරුණා පවසයි: මේ සඳහා වූ ඕනෑම නව නීති සම්පාදනයකට සමඟි ජන බලවේගය සහාය දීමට කැමති බව ද පවසයි.
- විදුලි බිල සහ ඉන්ධන මිල අඩු කරන ලෙස රජයට බලකරමින් විදුලි පාරිභෝගික සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ.
- පුද්ගලයන් සහ ව්‍යාපාර මුහුණ දෙන ණය ආපසු ගෙවීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා රට තුළ “බංකොලොත්භාවය පිළිබඳ අධිකරණයක්” (bankruptcy court) තිබිය යුතු බව ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රී පවසයි.
- 2024 ජූලි මාසයේදී එක්දින තරඟ 3 කින් සහ T20I තරඟ 3 කින් සමන්විත ද්විපාර්ශ්වික තරඟාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායමට තමා සත්කාරකත්වය සපයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
