ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට සෞඛ්‍යට මුල්‍ය හා තාක්ෂණික සහාය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය අතර විශේෂ හමුවක් දී සිදු වී ඇත.

මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍රයන් කිහිපයක අභිවෘද්ධිය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ආචාර්ය අලකා සිං මහත්මිය එකඟත්වය පළ කර ඇ ති බව සඳහන් වේ.

එහිදී, ඩෙංගු රෝගය මර්දනය සදහා අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යාපෘති සදහා සහයෝගය ලබාදීම, ප්‍රතිජීවක ඖෂධ නිසා ඇතිවන ප්‍රතිරෝදය වළක්වා ගැනීම සදහා සහයෝගය ලබාදීම, ඉදිරි වසර 10 ක කාලය සදහා සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිමට අවශ්‍ය දත්ත විශ්ලේෂණය, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය තාක්ෂණික සහ කුසලතා වර්ධනය සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම යන කරුණු පිළිබඳ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට එකඟ වී ඇත.

තවද, ඉහත කටයුතු වල දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය සහ ජිනීවා ප්‍රධාන කාර්යාලයේ විද්වතුන්ගේ සහයෝගය ලබාදීමට ද මෙහිදී එකඟ වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය විශේෂ ඇගයීමක් ද සිදු කර ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...